ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් අද (18) පිටියට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් අද (18) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම තරඟාවලියේ මීට පෙර සහභාගී වූ තරඟ 02 ම ජය ගැනීමට සමත් වුණා.

එහිදී ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණේ ලකුණු 38 කිනුයි.

එංගලන්ත ලෙජන්ට්ස් කණ්ඩායමට එරෙහි තරඟයෙන් කඩුළු 07 ක පහසු ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

POPULAR

Recent articles