ලංකාවට තව දුරටත් ඉන්දියාවෙන් ණය දෙන්නේ නැහැ

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට ඉන්දියාව අදහස් නොකරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා ඉන්දියාව මෙරටට පිරිනමා ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 04 ක්. කෙසේ වෙතත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දියාව මෙම තීරණය ගැනීමේ දී මේ වන විට ශ්‍රී ලංකාවේ යථාවත් වන ආර්ථික තත්වය ද සැළකිල්ලට ගෙන ඇති බවයි.

මෙම වසර අග දී ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල් සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවකට ඉන්දියාවට ද ආරාධනා කරන බව සඳහන්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් බිලියන 1ක හුවමාරු ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා සහ මැයි මාසයේ දී සිදු කෙරුණා. මෙරට රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, එම ඉන්ධන මිලදී ගැනීම සඳහා වන දෙවන ඩොලර් මිලියන 500 ක ණය සඳහා වූ ඉල්ලීම ද සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය මේ සඳහා අදහස් දැක්වීමේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

POPULAR

Recent articles