නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව දෙසැම්බර් මස විභාගයට

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු විභාගය කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් 8 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියම කළේය .

නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

යහපාලන රජය සමයේ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් කෝටි තුනක මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බව කියන නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

POPULAR

Recent articles