ඉන්දියාව 03වන ස්ථානයට

මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පැවැති 05වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 101ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගනු ලැබුවා.

පන්දුවට පහරදීමේදී KL රාහුල් ලකුණු 62 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 6 ක්, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 20 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 04කට කඩුළු 05 ක් බිඳහෙලනු ලැබුවා.

ඒ අනුව ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ 03වන ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟයේ වීරයා බවට පත්වුණා.

POPULAR

Recent articles