”හැම පවුලක්ම ලක්ෂ 58ක් ණයයි” – මහාචාර්ය වසන්ත අතුකෝරළ

රටේ පවතින උද්ධමනකාරීත්වය නිසා සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

තමන් මේ බව කියන්නේ විශේෂ අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස බවයි ඔහු සඳහන් කරන්නේ. 2019 වර්ෂයේ සිට මෙම වර්ෂයේ මැයි මාසය වනවිට පුද්ගලයන් බැංකුවලින් ණය ගැනීම 50% කින් පමණ වැඩි වී ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව ඔහු කියනවා.

දිවයිනේ සෑම පවුලකම ණය ප්‍රමාණය 2019 වර්ෂයේ සිට 2022 මැයි මාසය දක්වා රුපියල් 1,715,000කින් පමණ වැඩි වී ඇතැයි මහාචාර්යවරයා පවසනවා.

එම කාලසීමාවේදී පුද්ගලයකුගේ ණය ප්‍රමාණය රුපියල් 4,64,000ක් දක්වා ඉහල ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා. රටේ සෑම පුද්ගලයකුම 2020 ආරම්භයේ පටන් එක දවසකට රුපියල් 526කින් ණයකරුවකු වන බව එම අධ්‍යයනයේ දී තොරතුරු අනාවරණය වූ බවයි කියන්නේ.

POPULAR

Recent articles