බලශක්ති අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් යෝජනාවක්

යුරෝපය පුරා හමා යන බලශක්ති අර්බුදය හමුවේ මිට පෙර පෞද්ගලික අංශයට විකුණා දැමූ රාජ්‍ය සම්පත් නැවත රාජ්‍ය අංශයටම පවරා ගෙන මහජන සේවාවන් ලෙස පවත්වාගෙන යායුතු බවට යෝජනාවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය බලශක්ති කර්මාන්තය නැවත ජනතාකරණය කිරීමට කොන්සවේටිව් පාක්ෂිකයින්ගෙන් 62%ක් ඇතුළුව මහජනතාවගෙන් 66%ක් සහාය දක්වන බවයි බ්‍රිතාන්‍යයේ සිදුකළ මත විමසුමකින් හෙළිදරව් වී ඇත්තේ. Survation නම් වූ ආයතනයක් සිදුකළ මත විමසුමට අනුව අසාර්ථක වූ පුද්ගලික සමාගම් මගින් බලශක්ති සැපයුම ඉවත්කර මහජනයා සතු සමාගමක් බවට නැවත පත් කරන ලෙසටයි බ්‍රිතාන්‍ය වැසියන් ඉල්ලා සිටින්නේ.

මෙම සමීක්ෂණයට අනුව පෞද්ගලික අනෂ්‍ය වෙනුවට රාජ්‍ය අංශය ටතට ගන්නා ලෙස මත විමසුමට සහභාගීවූ ය ඉල්ලා ඇති ආයතන සහ ඊට ලැබුණු කැමැත්ත මෙලෙසයි. ජල සැපයුම- 68%, බස් මගී ප්‍රවාහනය – 58%, දුම්රිය සේවාව – 63%, සෞඛ්‍ය සේවාව – 77% සහ තැපැල් සේවය 63% යි. කොන්සවේටිව් පාක්ෂිකයින්ගෙන් අඩකටත් වැඩි පිරිසක් මහජන සේවාවන් රජයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යායුතු බවටයි මත පළකර ඇත්තේ.
සමස්තයක් වශයෙන්, බලශක්ති සමාගම් නැවත පොදු අයිතියට ගෙන ඒමට විරුද්ධ වන්නේ මෙවැනිම මත විමසුමට සහභාගී වූවන් ගෙන් 13% ක් පමණක් බව තවත් සඳහන් කර තිබෙනවා. එම මත විමසුම කර ඇත්තේ YouGov විසින්.

2022 ජුලි 25 සිට අගෝස්තු 01 දක්වා සිදුකර ඇති මෙම මත විමසුමට දත්ත එකතු කිරීමේ ක්‍රමය වී ඇත්තේ මාර්ගගත සම්මුඛ සාකච්ඡාවක් හරහා යි. ඊට එක්සත් රාජධානියේ ජීවත් වන වයස අවුරුදු 18 වඩා වැඩි පදිංචිකරුවන් තෝරාගත් බවයි සඳහන් වන්නේ.

POPULAR

Recent articles