සඳුදා සිට බස් ධාවනය අඩාල වෙයි ?

පෞද්ගලික බස් සඳහා මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ හේතුවෙන් දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වී තිබෙන බවත් ඒ වගේම කෙටි ගමන් සේවා බස් රථ වල ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම අද සහ හෙට දිනයේ දී පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා නොදුන්නොත් සඳුදා දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles