මලයාලම් සුපිරි නළු මමුටි ශ්‍රී ලංකාවට

ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි නළු මමුටි එරට චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා ඊයේ (16) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු දින තුනක් පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර නුවර කඩුගන්නාව ප්‍රදේශයේ රූගත කිරීම් වල නිරත වනු ඇති බවට වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මමුටි හමුවී ඇති අතර මමුටි හමුවීමට ලැබීම ගෞරවයක් බවත් ලංකාවටපැමිණිම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු Twitter සටහනක් තබමින් පවසා තිබෙනවා.

POPULAR

Recent articles