අරගල භූමියෙන් පුස්තකාලය ඉවත්කරයි

ගාලුමුවදොර අරගල භූමියෙන් පුස්තකාලය හා පාසල ඉවත්කර ගැනීමට එහි සංවිධානකයින් විසින් කටයුතු කර තිබෙනවා.

අද (05) සවස 5.00 ට පෙර උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය දැනුම්දුන් අතර ඔවුන් මෙය ඉවත් කරගෙන ඇත්තේ ඒ අනුවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාගෝගම ජනතා පුස්තකාල කණ්ඩායම සඳහන් කරන්නේ, ‘ගෝඨාගෝගම’ ජනතා පුස්තකාලය ‘අරගලයේ ජනතා පුස්තකාලය’ ලෙස නම් කරන බවයි.

එමෙන්ම ගෝඨාගෝගම ජනතා පුස්තකාල සංවිධානකයින් සඳහන් කරන්නේ පුස්තකාලය සඳහා මෙතෙක් ලැබුණු පොත් පාසල් පුස්තකාල සඳහා පරිත්‍යාග කිරීමට කටයුතුකරන බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles