”උප්පැන්නයෙන්, හැදුනුම්පතෙන් ලැබුණු පුරවැසිකම වෙනුවට ජනතාව තමන්ගේ පුරවැසිබව උපයාගත්තා” – බිමල් රත්නායක

පුරවැසිබව උපයාගත් සමාජයක් වෙනත් කිසියම්ම දෙයකින් පරාජය කළ නොහැකි බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක සනදහන් කරනවා.
“රනිල්ට සහ එයාගෙ උපදේශකයන්ට කියන්න දෙයක් අපිට තියෙනවා. දැන් මේ කරන විදිහට දිගටම මෙහෙම අත්අඩංගුවට අරගෙන, අරගෙන යනකොට අපි ගොඩක් බය වේවි, එහෙමත් නැත්නම් රටේ මිනිස්සු ගොඩාක් බය වේවි, ඒත් නැත්නම් හදිසි නීතියට, ඇඳිරි නීතියට ගොඩක්ම බය වේවි කියලා එහෙම හිතන අයට කියන්න කාරණයක් තියෙනවා.

ඒ රූසෝ කිව්ව දෙයක්. ඔහු වරෙක් කිව්වා ‘Houses make a town! Citizens make a City!!’ කියලා.

මේ රට 2022 අප්‍රේල් මාසෙන් පස්සේ තිබුණ තත්වයට වඩා සදහටම වෙනස් වෙලා තින්නේ. දැන් රටේ පුරවැසියෝ වැඩි වෙලා තියෙන්නේ. උප්පැන්න සහතිකයෙන්, හැදුනුම්පතෙන් ලැබුණු පුරවැසිකම වෙනුවට ජනතාව තමන්ගේ පුරවැසිබව උපයාගෙන තියෙන්නේ. ඒ නිකන්ම නෙමෙයි සක්‍රීය සමාජ අරගලයකට එක් වෙලා.

ගොවියෙක්ගේ ගොවිකම නීති වලට උදුරගන්න බැහැ. ගුරුවරයෙක්ගෙන් ගුරුකම මර්දන නීති වලට උදුර ගන්න බැහැ. ඒ වගේම තමයි මේ අප්‍රේල් මාසයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු උපයා ගත්ත පුරවැසිකම, දේශපාලකයෝ 135ක ටයි, එයාලගේ හෙංචයියෝ හත් අටසීයකටයි, ඒ අය විසින් පනවන වදක නීති වලටයි උදුර ගන්න බැහැ. ඒක ඕනෙනං රනිල් – රාජපක්ෂ පාලනයේ කව්රු හරි ලියලා තියාගත්තට කමක් නැහැ” යි ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා.

POPULAR

Recent articles