”නිශ්චිත කාල රාමුවක් නැති සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට සූදානම් නෑ” – අනුර කුමාර දිසානායක

නිශ්චිත කාල රාමුවක් නොමැති සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කරුවන් වීමට තමන් සූදානම් නොමැති බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ හා රාජපක්ෂ කඳවුර එක්ව ආණ්ඩුවක් පිහිටුවා එයට දායක වන ලෙස ආරාධනා කිරීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවයි.

අනුර කුමාර දිසානායක සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් එය ගෙන යන කාලය සම්බන්ධයෙන් ප්‍රකාශ නොකරන බවත් පසුගිය කාලයේ මහ නායක හිමිවරුන්, නීතීඥ සංගමය ඇතුළු සියලු දෙනා ඉදිරිපත් කළ යෝජනාවල අඩංගු වූ ලෙස කෙටි කාලයක් සඳහා අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

මෙම අන්තර්කාලීන ආණ්ඩුවට පැවරෙන වගකීම, එම ආණ්ඩුවේ කාර්යභාරය සහ එම අන්තර්කාලීන ආණ්ඩුව කොපමණ කාලයකට සීමා වන්නේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැති බවත් එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයෝගය නොදෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles