අරගලකරුවන්ට පහරදීමට එරෙහිව නවදිල්ලියේත් විරෝධතා

මෙරට රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගල භූමියට කඩාවැදී එහි සිටි අරගලකරුවන්ට පහරදීමට විරෝධය දක්වමින් ඊයේ දිනයේ නවදිල්ලියේත් විරෝධතාවක් පැවැත්වුණා.

Krantikari Yuva Sangathan (KYS) සංවිධානය ඉන්දියාවේ නවදිල්ලියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටයි එය සංවිධානය කර තිබුණේ. සාමකාමීව පැවති එම විරෝධතාවය දිල්ලි පොලීසිය විසින් ඔවුන්ට දරුණු ලෙස පහර දී සිරභාරයට ගත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. රාජ්‍ය මර්දනයට, අනීතික ලෙස රදවා තබා ගැනීමට විරෝධය දක්වමින් Krantikari Yuva Sangathan (KYS) සංවිධානය විසින් පොලිස් ස්ථානය තුළදීත් තම විරෝධය දක්වා තිබෙන බව එම වාර්තා පවසනවා.

POPULAR

Recent articles