කටුනායක ආගමන විගමන නිළධාරීන් VIP රාජකාරිවලින් ඉවත් වෙයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ‘සේද මාවත’ මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද (12) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම ‘සේද මාවත’ නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බවයි ඔවුන් කියන්නේ.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල පවසන්නේ අද දින ගනු ලැබූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යලි දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

පසුගිය ජුනි මස 06 වෙනිදා සිට 20 වෙනිදා දක්වා මෙරට පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ‘සේද මාවත (Silk Route)’ රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබුණා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles