ජුලි 9 රටම කොළඹට ගේන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පාපැදි පෙළපාලියක

ජුලි 09 වනදා කොළඹ දී පැවැත්වෙන මහජන අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (07) පාපැදි පෙළපාලියක් සංවිධානය කර තිබුණා.

‘ජුලි 9 රටම කොළඹට’ ලෙස නම් කළ එම පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් කළා. ඉන් පසුව ජනතාව දැනුවත් කිරීම සඳහා මහජන රැස්වීමක්ද ඔවුන් විසින් පැවැත්වුවා. ඒ කොළඹ, මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේ යි.

POPULAR

Recent articles