ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා.

ඒ දරුවන් අතරින් දරුවන් 3 දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කියන්නේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගි ඇති ගමනා ගමන අපහසුතාවය නිසා දරුවන් ට පාසල් වෙත යාමට හා නැවත නිවස් වෙත යාමට දැඩි අසිරුවට පත්වීමට සිදුව තිබීම හේතුවෙන් ඊයේ (30) උදැසන කාලයේ යි මේ අනතුර වී ඇත්තේ.

තම පාසල වෙත යාමට සුදානම්ව මහ මාර්ගයට පැමිණි දරුවන් තිදෙනෙකු පාසල වෙත යාම සදහා සුපුරුදු ප්‍රවාහන පහසුකම් නොමැතිව රැඳී සිටිය දී ඒ අසලට පැමිණි කුඩා ලොරි රථයක් දරුවන් පාසලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. එහෙත් දරුවන් වැඩි දෙනෙකු එම ලොරි රථයට නැගීම හේතුවෙන් බර උසුලා ගත නොහැකිව ලොරියේ තට්ටු කඩා වැටි සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි කියන්නේ.

පසුව ප්‍රදේශයේ ජනතාව එක්ව එම දරුවන් ගලෙන්බිදුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර වෙන අවස්ථාවේ ලොරි රථයේ ළමුන් 37 දෙනෙකු සිට ඇති අතර ඉන් 13 දෙනෙකු ඇද වැටී ඇති බව කියනවා.

POPULAR

Recent articles