උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය කටයුතු නැවතෙයි

උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම රෝහලේ හි නව ශල්‍යාගාර සංකීර්ණයේ ශල්‍ය කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සහායක කාර්‍යමණ්ඩලය හෙවත් රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිසිවෙක් අද (01) පැමිණ නැති බව වාර්තා වෙනවා.

ශල්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය (Senior Registrar in Surgery), ශල්‍ය ඒකකයේ ලේඛකාධිකාරී වෛද්‍ය (Registrar in Surgery), ජ්‍යෙෂ්ඨ නේවාසික ශල්‍ය වෛද්‍ය (SHO Surgery) තිදෙනාත් ශල්‍ය සීමාවාසික නේවාසික වෛද්‍ය (Intern House Officer) දෙන්නාත් මෙන්ම අවශ්‍ය හෙද කාර්‍යමණ්ඩලයේ පිරිස සිටියත් මේ හේතුව මත ශල්‍ය කටයුතු කිරීමට නොහැකි වී ඇති බවයි කියන්නේ.

සිකුරාදා දිනය පමණක් සෞඛ්‍යය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශ කළ නිසා රාගම රෝහල මගින් වැලිසර නාවික කඳවුරේ ඉන්ධන පිරවුම්හල සඳහා ‘ටෝකන්’ එකක් හෙවත් විශේෂ අවසරපතක් සියලුම සේවකයින්ට ඊයේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ටෝකන් පතට හිමි තම ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලය තෙල් පෝළිමට යන බව දැනුම් දී තියෙනවා. ඒ ශල්‍යාගාර හෙද සොයුරියට දැනුම් දීමෙන්.

නමුත් අද උදෑසන වාර්තා වී ඇත්තේ අදාළ පිරවුම් හළ වෙත ඉන්ධන ලැබී නොමැති බවයි.

ඒ අනුව අද දින සැලසුම් කළ සැත්කම් ප්‍රමාණය සිදු කරගැනීමට නොහැකිව රෝගීන් ගෙදර යන බවත් කාර්යය මණ්ඩලයේ පහළොස්දෙනෙකු පමණ නිකරුණේ දවස ගතකරනු ඇති බව මේ පිළිබඳව සිය FB හි සටහනක් තබන වෛද්‍ය ජානක සේනාරත්න පවසා තිබෙනවා.

POPULAR

Recent articles