දුම්රිය 22ක් අවලංගු වෙයි

අද (01) දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසනවා.

දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය 22 ක් අවලංගු කිරීමට සිදු වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද දුම්රිය ධාවන අධිකාරිවරයා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles