කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා.

ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ (28) පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති අතර අද (29) උදෑසන 08.00ට පමණ මධ්‍යස්ථානයේ රැඳවියන් එහි ප්‍රධාන ගේට්ටු දෙක කඩා බිඳ දමා පළා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරන්නේ පොලීසිය හා යුද හමුදාව එක්ව පළා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

POPULAR

Recent articles