චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බවත් ඒ අනුව පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11ක් සඳහා මාස 06ක කාලයක් සඳහා ලබාදීමට චීන රජය විසින් ප්‍රදානය කර ඇති බවයි.

ඊට අමතරව මෙරට පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles