ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි.

ඒ් අනුව පළමු තරගය අද (29) පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ටෙස්ට් තරඟය ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් තරුව Shane Vaughan අනුස්මරණ සඳහා වෙන් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක Pat Cummins සඳහන් කළේ, පා දග පන්දු යවන ක්‍රීඩක Mitchell Swepson ශ්‍රී ලංකාව සමග අද (29) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන බවයි.

පාදයක ආබාධයකට ලක්ව සිටින මැදපෙල පිතිකරු TravisHead හට හෙට තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවත් ඔහුට පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් Glenn Maxwell ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කිරීමට නියමිත බවයි ඔස්ට්‍රේලියානු නායකයා සඳහන් කළේ.

POPULAR

Recent articles