ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට (31)

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙට (31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම ඇප ඉල්ලීම ගොනුකර ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසිනුයි.

පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට වසර දෙකක සිර දඬුමක් හා රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

POPULAR

Recent articles