කෙටි දුර දුම්රිය කිහිපයක් ධාවනයේ

කෙටි දුර දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කරන්නේ අද (13) උදෑසන දුම්රිය ගමන්වාර සීමිත ප්‍රමාණයක් ආරම්භ කළ බවයි.

අද පස්වරු 2.00 ට ඇඳිරි නීතිය යළි පැනවෙන බැවින් දුර පළාත් සඳහා දුම්රිය ධාවනය කිරීමට නොහැකි බව ගාමිණි සෙනෙවිරත්න පෙන්වා දෙනවා.

කෙසේ වුවද යළි ඇඳිරි නීතිය බල පැවැත්වෙන හෙයින් දුම්රිය ධාවනය අද (13) පස්වරු 2.00 ට නවතා දැමීමට නියමිතයි.

POPULAR

Recent articles