විල්සන් කරු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා.

සටන් නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔහු මෙරට සිනමාවට ඉමහත් සේවයක් සිදුකළා.

1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී යි.

‘ඒ හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ රඟපාමින්.

1974 ආරම්භ කෙරුණු ඔහුගේ සිනමා දිවිය දශක පහකට ආසන්න කාලයක් දක්වා දිග හැරෙනවා.

2019 වර්ෂයේ දී ඔහු රංගනයෙන් දායක වූ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය ලෙස සැලකෙනවා.

සිංහල සිනමාවට දායකත්වය ලබා දුන් විශිෂ්ටතම සටන් අධ්‍යක්ෂවරයකු සහ දුෂ්ඨ සටන් නළුවෙකු ලෙස සැලකෙන මෙම උත්තුංග දේහධාරී නළුවා, ඔහුගේ දීර්ඝ සිනමා දිවිය තුළ රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 250කට අධිකයි.

එමෙන්ම ඔහුගේ නම ඉදිරියේ ටෙලි නාට්‍යය පහළොවකට අධික සංඛ්‍යාවකගේ රංගන දායක දායකත්වය ලියැවී තිබෙනවා.

ඔහුගේ දීර්ඝ රංගන දිවිය තුළ මාලනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සසර චේතනා’ චිත්‍රපටයේ රඟපෑ නිකලස් නැමැති චරිතයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වී තිබෙනවා.

2021 වසරේ මාර්තු මාසයේ දී සිය නිවස තුල ඇද වැටීම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ විල්සන් කරුණාරත්න, කොළඹ ජාතික රෝහලේ මාස ගණනාවක් නේවාසික ව ප්‍රතිකාර ලැබුවා.

මේ අග්‍රගණ්‍ය සටන් නළුවාගේ අවසන් කටයුතු සිදු වන දිනය සහ වේලාව පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැහැ.

POPULAR

Recent articles