ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

සිල්වර්වුඩ්, 2019 ඔක්තෝම්බර් මාසයේදී එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර, 2019 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය දිනා ගන්නා විට එවකට ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් යටතේ සේවය කළ එංගලන්ත ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග හයක් සහ එක්දින තරග හතක් ක්‍රීඩා කළ අතර යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් වෙනුවෙන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළා .

ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු, ක්‍රිස් පුහුණුකරු ලෙස කටයුතු කර, සිම්බාබ්වේහි මෂෝනලන්ඩ් ඊගල්ස් භාරගත අතර, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ඉතා සාර්ථක ලෙස කටයුතු කිරීමට පෙර සිය මංගල ලෝගන් කුසලානය දිනා ගත්තා.

එසෙක්ස්හිදී, ක්‍රිස් සමාජය භාරව සිටි ඔහුගේ පළමු වසර තුළ සමාජයේ ප්‍රවර්ධනයට උදව් කර ඇති අතර වසර 25කට පසු 2017 දී ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීමට මෙහෙයවා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ඔහුගේ පළමු තරඟය වනුයේ එළඹෙන බංග්ලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියයි. ඔහු වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත ව තිබෙනවා.

“ශ්‍රී ලංකාව සමඟ යාමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වන අතර කොළඹට පැමිණ ආරම්භ කිරීමට මට බලා සිටිය නොහැක. ඔවුන්ට දක්ෂ හා උද්‍යෝගිමත් ක්‍රීඩකයින් පිරිසක් සිටින අතර ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ ඉතා ඉක්මනින් හමුවීමට මම බලාපොරොත්තු වෙමි, ” ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටිනවා.

POPULAR

Recent articles