නාමල් රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලයි

ජනතාවට විඳීමට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංචාරයක් හේතුවෙන් වැලිමඩ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වූ වීඩියෝ පටයකට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ වැලිමඩ ප්‍රදේශයේ තමන්ට නියමිත උත්සවයක් නොතිබූ බවත් මෙය වැරදි වැටහීමක් බවයි.

POPULAR

Recent articles