ලෝක වෙළඳපලේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළට

යුක්‍රේන – රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව මේ වන විට ලෝක වෙළඳපොලෙන් වාර්තා වන්නේ 2008 ජූලි මාසයෙන් පසු ගෑස් සඳහා වාර්තාවූ වැඩිම මිලයි.

පැවති මිලට සාපේක්ෂව ඩොලර් 4.1 එකකින් ගෑස් මිල වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් තොග මිලද දෙගුණයකට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. රුසියාවෙන් ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම තහනම් කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය නිවේදනයත් සමඟ මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇතැයි පැවසෙනවා.

POPULAR

Recent articles