“ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්න” – ජනපති

රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර තිබෙන බව පැවසෙනවා.

එහෙත් ඉන්ධන මිල වැඩිකිරීම පිළිබදව එහිදී තීරණයක් නොගත් බවයි කැබිනට් ප‍්‍රකාශකක අමාත්‍ය රමේෂ් පතිරණ කියන්නේ.

රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා බව කියමිනුයි මෙම විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණේ.

ඊට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු එහි ඉහළ නිලධාරීන් ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරුන් ද කැඳවීමටයි තීරණය කර තිබුණා.

POPULAR

Recent articles